Thursday, August 16, 2012

අපිත් කන්නන්ගර පුත්තු තමයි...


 මේ කතාව ලියන්න හිතුනේ මේ ලඟදි මට මූණ දෙන්න උණු සිද්දියක් නිසයි. ඇත්තටම ඒක මට ගොඩක් හිතට වැදුණු සිද්දියක් නිසයි මේක බ්ලොග් එකේ ලියන්න ඕනි කියල හිතුවේ. මම දැන් සතියකට විතර කලින් ගෙදර ඉඳලා වැඩට යන අතරමග බස් එකේදී උණු දෙයක් තමයි මේ. මම වාඩි වෙලා ගියේ බස් එකේ පිටිපස්සෙම තියෙන සීට් එකේ. ඔන්න මහරගමට විතර යනකොට එකපාරට බස් එකේ ඉස්සරහින් කවුරු හරි කතාවක් පවත්වන සද්දයක් ආවා. මමත් පොඩ්ඩක් උනන්දුවෙන් අහගෙන හිටියා මෙයා මොනවද කියන්නේ කියලා. මට පොඩි වෙලාවක් යද්දීම තේරුනා මෙයත් මම වගේම කැම්පස් කොල්ලෙක් කියලා.



හැබැයි මට මෙයාගේ මූණ නම් හරියට පෙන්නේ නැහැ මොකද බස් එකේ ටිකක් සෙනග හිටියා. කොහොමහරි මේ මල්ලි කතා කලේ අද රටේ තියෙන තත්වය ගැනයි (මම මෙයාට මල්ලි කියන්නේ පස්සේ මම මෙයාව දැක්කම මට තේරුනා මෙයා පොඩි මල්ලි කෙනෙක් කියලා)  අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. කැම්පස් වහල මාස දෙකකටත් වැඩියි. එන්න එන්නම රටේ අධ්‍යාපනය  පිරිහෙනවා. පාසල් බලාගෙන ඉද්දි වැහෙනවා. අපි නොදන්නවා උනාට ගම වල තියෙන පුංචි පුංචි පාසල් වැහිලා යන තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. ඇත්තටම මේ මල්ලිට හොදට කතා කරන්න පුළුවන්. මෙයා කියන්න තියෙන ටික බොහොම ලස්සනට කිව්වා. ඉක්මනට සරලව කාටත් තේරෙන්න කිව්වා. මේ තත්ත්වය වෙනස් කරන්න අපි හැමෝම එකතු වෙන්න ඕනි කියලත් මේ මල්ලි කිව්වා. පුද්ගලික විශ්ව විද්‍යාල අවුල ගැනත් මේ මල්ලි කතා කළා. මමත් ඉතින් හොඳ අවදානයෙන් මේ කතාව අහගෙන හිටියා.



දැන්  ඔන්න නුගේගොඩ කිට්ටුවටම අවා. දැන් මට මේ මල්ලිව හොදට පේනවා. මෙයා එක්ක තව නංගි කෙනෙකුත් හිටියා. මට තේරුණ විදියට නම් මෙයාල දෙන්නම එක කැම්පස් එකේ මල්ලි කෙනෙකුයි නංගි කෙනෙකුයි. අන්තිමට මේ මල්ලි කිව්වා 15 වෙනිදා විහාර මහා දෙවි එළිමහන් රංග පීටයේදී ආචාර්යවරුන්, සිසුන්, අම්මලා, තාත්තලා හැමෝම එකතු වෙනවා කියලත් පුළුවන් හැමෝම එදාට එන්න කියලත්. මේ මල්ලිගේ කතාව අහගෙන ඉඳලා මමත් හිතින් හිතුවා ඇත්තටම මෙහෙම ගියොත් අපේ රටට මොකද වෙන්නේ කියලා. ඔය අතරේ මේ මල්ලිලා ස්ටිකර් එකක් විකුනනවා. ඒක රුපියල් 20ක් වෙනවා කියලයි කිව්වේ. ඔන්න දෙන්නා ස්ටිකර් ටික විකුණන ගමන් ටිකෙන් ටික පස්සට එනවා. මමත් ළඟ තිබුණු රුපියල් පනහක් අරගත්තා. ඔන්න දැන් දෙන්නා මගේ කිට්ටුවට අවා. මම රුපියල් 50 දුන්නා. අර මල්ලි මට ස්ටිකර් ඒක දීලා ඉතිරි දෙන්න හදද්දී මම කිව්වා "කමක් නැහැ මල්ලි ඕක තියාගන්න" කියලා. මම ඒ මල්ලිගෙන් ඇහුවා මල්ලි මොන කැම්පස් එකේද කියලා. අහ් ඒ මල්ලි කැලණිය කැම්පස් එකේ. එයා මගෙන් ඇහුවා "අයියත් කැම්පස් එකකද? මොකේද? " කියලා. මම "කිව්වා මම මොරටුවේ මල්ලි" කියල. මිනිහා එකපාරටම මගෙන් ඇහුවා Engineering Faculty එකේද කියලා. මම ඉතින් ඔව් මල්ලි කියලා කිව්වා. ඊට පස්සේ මිනිහා නිකන් කින්ඩියට වගේ කට කොනෙන් හිනාවක් දාල අර ආපු නංගි දිහාත් බලලා නෝන්ඩි හිනාවක් දාල දෙන්නම ඊළඟ හෝල්ට් එකෙන් බැහැලා ගියා. 



මමත් ඉතින් හිතින් පොඩි හිනාවක් දාලා නිකන් හිටියා. මොකද මම Engineering Faculty කියපු ගමන් මිනිහා කින්ඩි හිනාවක් දැම්මේ කියල මම හොදටම දන්නවා. අපේ ෆැකල්ටි එකේ දේශපාලනය කොහෙත්ම නැහැ. ඇත්තටම මම ඒ ගැන සතුටු වෙනවා. අපට අපේ මතය දරන්න අපේ කැම්පස් එකේ ලොකු ඉඩක් තියෙනවා. බල අහේනියෙන් අසරණයට පත්වුන දේශපාලන පක්ෂ වලට තමන්ගේ පටු අරමුණු ඉටු කරගන්න අපිව කඩේ යවන්න බැරි උනත්, මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය පිටිපස්සෙන් අපේ ෆැකල්ටි එක හැමදාමත් ඉන්නවා. අසරණ දරුවෝ ඉන්න පුංචි ඉස්කෝලයක් වැහෙද්දී, අපි ඉගෙන ගන්න කැම්පස් ඒක වැහිලා යද්දී ඔය කොයි කාට නොදැනුනත් අපිට ඒ වේදනාව දැනෙනවා. මොකද අපිත් ගම් වලින් ගොඩක් අමාරුවෙන්, අඩු පහසුකම් මැද ඉගෙනගෙන ආපු අය තමයි. කොටින්ම කියනවා නම් කන්නන්ගරයන්ගේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වෙන්න තමයි අපිත් කැම්පස් ආවේ. අර මල්ලි මගේ දිහා බැලුවේ අපි නිකන් කිසි කමකට නැති අලයෝ ටිකක් ගානට දාලයි. සමහරවිට ඒ මල්ලිට තේරෙන්නේ නැතුව ඇති ඒ මල්ලිලාගෙම අසරණ හිත් වල තියෙන අසහනය තවත් දේශපාලන පක්ෂයක්ම විසින් බිල්ලට දෙනවා කියලා. ශිෂ්‍ය අයිතිවාසිකම් දිනාගන්න ඔය පාරේ ගිහින් අමාරුයි මල්ලි. අපි කොහෙන් කොහොම ගියත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයව තාමත් මේ රටේ ඉන්න වැඩි දෙනාට පෙන්නේ රතු පාටටයි.



අපිව එහෙම රට්ටුන්ට පේන කල් දේශපාලන නායකයින්ට තමන්ගේ අඩු පාඩු අපේ පිටින් දාලා හරි අගේට හිනා වේවි ඉන්න පුළුවන් වේවි. ඒක තමයි මල්ලි අපි කාටත් මුල ඉඳලම වැරදුන තැන. දේශපාලකයින්ගේ අසාදාරනකම් වලට එරෙහිව කතාකරන්න, ඒවාට එරෙහිව නැගීහිටින්න අපේ පිටිපස්සෙන් තවත් දේශපාලකයන් පිරිසක් තියාගෙන බැහැ මල්ලි. මොකද ඔය දෙගොල්ලන්ගේ වෙනස තියෙන්නේ පාටෙත්, බලය ඇති හෝ නැති යන එකෙත් විතරයි. අපිට අපේ පිටිපස්සෙන් සමාගම්, පක්ෂ, බල මණ්ඩල ඕන නැහැ. හැමදාම විශ්ව විද්‍යාල ශිෂ්‍යයා ඉල්ලුවේ තමන්ට නිදහසේ ඉගෙන ගැනීමට ඇති අයිතිය විතරයිදේශපාලන බලයක් නෙමෙයි. කැම්පස් වලට, ෆැකල්ටි වලට, පක්ෂ වලට, සන්දාන වලට, ගැටි වලට බෙදිලා මේ ප්‍රශ්නයට විසදුම් හොයන්න අපිට බැහැ. ලංකාවේ ශිෂ්‍යයෝ ඔක්කොම් එකට එකතු වුන දවසට අපි ඉල්ලන්න දෙයක් නැහැ. පාලකයන්ටම ඒ දේවල් ලබාදෙන්න සිද්ද වේවි. අපේ රටේ කැම්පස් වල ඉන්න ඔක්කොම ශිෂ්‍යයෝ එකයි. මොකද අපි හැමෝම කන්නන්ගර දරුවෝ. අපි හැමෝම එකයි. අපි හැමෝම ඉල්ලන්නේ නිදහසේ ඉගෙන ගන්න තියෙන අයිතිය විතරයි. අධ්‍යාපනයට නිසි තැන දෙන්න කියන දේ විතරයි. නැතුව පාලකයෝ ගෙදර යවන්නවත් බලයේ ඉන්න පක්ෂ මාරු කරන්නවත් අපිට උවමනාවක් තියෙනවද? අන්තිමට මට කියන්න තියෙන්නේ මොන කැම්පස් එකේ හිටියත්, මොන ෆැකල්ටියේ හිටියත් අපිත් කන්නන්ගර පුත්තු තමයි.  අපේ ඇඟේ තියෙන්නෙත් කන්නන්ගර ලේ තමයි මල්ලි.

C. W. W. කන්නන්ගර මහතා

ප. ලි. : මම මේකේ ලියලා තියෙන්නේ සියයට සියයක්ම මගේ පුද්ගලික මතය විතරයි කියලත් නොකියම බැහැ.
ප්‍රතිචාර ගණන කි
Facebook Comments

6 comments:

  1. සියල්ල දේශපාලනීකරනය වෙලා!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව්. සියල්ල දේශපාලනීකරණය වෙන කාලේ අධ්‍යාපනය විතරක් ඉතිරි වෙයිද.

      Delete
  2. අපේ රටේ අධ්‍යාපනේ වනසන ගොන් බාන ගැන කතා කරන්න ගියොත් මට කේන්ති යන නිසා කතා නොකර ඉන්නම් මචං.

    ReplyDelete
    Replies
    1. ඒක නම ඇත්ත බං. මතක වෙද්දිත් මල පනිනවා නේද..?

      Delete
  3. මචං සී ඩබ් කන්නංගර මහත්තයා යූ ඇන් පී කාරයෙක් නේද?
    සී ඩබ් කන්නංගර ඕක ගේනකොට ඒ පැත්තෙම හිටිය අය විරුද්ධ උනා..හැබැයි ඒ විරුද්ධ කාරයන්ගෙ තර්ක වලත් සැබෑවක් තිබුනා...
    අද බුද්දිමතෙක් කියන්නෙ පිලිමයක් වගේ එකක් විතරයි..එයා වැදගතෙක් කියන්න පුලුවං සහතිෙකන් විතරයි..
    අලුත් දෙයක් හදන්න අලුත් විදියට හිතන්න අපි හුරු නොවෙන එක හේතුවක් තමයි අපිට මොන්ටිසෝරි පන්තියේ ඉදලා අපේ පාත් එක මොකද්ද කියලා හරියටම කියලා දීලා උරුම කරල දීලා තියෙන එක....

    කවුරුත් ඉස්සෙල්ලා මේසන් බාස් කෙනෙක් වෙලා පස්සෙ ඉංජිනේරුවෙක් වෙන්න උත්සාහ කරන්නෙ නෑ...

    ඉස්සෙල්ල ක්ලාක් කෙනෙක් වෙලා පස්සෙ එකවුන්ටන් කෙනෙක් වෙන්න ගියත් ඒ අවුල්ම එනවා... මේ රාමුගතනිදහස් අධ්‍යාපනය රටක් විදියට ගත්තහම දැඩි බරක්....

    ReplyDelete
    Replies
    1. යාලුවා කියන කතාව ඇත්ත. අපි ගොඩක් අය ඒක රාමුවකට කොටු කරලා තියෙනවා තමයි. ඒත් නිදහස් අධ්‍යාපනය නැති කරන ඒක ඒකට විසඳුමක් නෙමෙයි නේද? ඒක මේ syllabus එකෙන් පටන් අරන් වෙනස් කරගෙන යන්න ඕනි දෙයක්. ආකල්පමය වශයෙන් මුළු රටෙන්ම වෙන්න ඕනි වෙනසක්. කොහොම උනත් අද කාලේ වතුරට පනින්නේ නැතුව පීනන්න උගන්නන්න ගොඩක් අය උත්සහ කරනවා කියලා නම් මම පිලිගන්නවා.

      Delete