මට මේ ලිපිය ලියන්න හිතුනේ ඉතාම අර්ථවත් නිර්මාණයක් විසින් මගේ හිතට තදින්ම කාවද්දපු සිතිවිල්ලක් නිසයි. ඒ ගැන හිතන්න හැමෝගෙම හිත් වලටත් ඉඩක් හදා දෙන්න හිතපු නිසා මම ඒ ගැන මගේ බ්ලොග් එකේ ලියන්න හිතුවා.
මහගම සේකර කියන්නේ අපේ රටේ එතෙක් මෙතෙක් බිහිවුන විශිෂ්ටතම නිර්මාණකරුවෙක්. ඔහු කවියෙක්, නවකතාකරුවෙක්, ගීත රචකයෙක්, චිත්‍ර ශිල්පියෙක්, සහ තවත් ක්ෂේත්‍ර ගණනාවක ප්‍රවීනයෙක්. ඔහු අතින් නිමවුන නිර්මාණ අතරින් මම දකින විදියට වටිනාම නිර්මාණය තමයි 'ප්‍රබුද්ධ' කෘතිය. මම ටිකක් පොඩි කාලේ මට 'ප්‍රබුද්ධ' පොත කියවන්න අවස්තාව ලැබුණා. එත් ඒ පොතේ තියෙන ගොඩක් දේවල් තේරුම ගන්න තරම් මගේ මොලේ ඒ කාලේ මෝරලා තිබ්බේ නැහැ. එත් ඒ සමහර දේවල් මගේ මතකයේ තදින්ම තැන්පත් වුනා. පස්සේ කාලෙක ආයෙත් 'ප්‍රබුද්ධ' කියවද්දී තමයි ඒ පොතේ තිබුණු ගැඹුර තේරෙන්නේ. උඩින් බැලුවට නොතේරෙන, එත් ගොඩක් කල්පනා කරමින් කියවද්දී තේරෙන ලොකු සත්‍යයක් ඒ පොතේ තියෙන බව පැහැදිලි දෙයක්.
ඒ පොතේ එන මම ආසම කරන පුංචි අවස්ථාවක් ගැන තමයි මට මෙහෙම ලියන්න හිතුනේ. මේ සිද්දිය වෙන්නේ ප්‍රබුද්ධ දුම්රියෙන් යන අතරතුර. දුප්පත් පුංචි දැරිවියක් දුම්රියේ නැටුමක් ඉදිරිපත් කරලා ඉන්න මගීන්ගෙන් සල්ලි ඉල්ලගෙන එක එක්කෙනා වෙත එනවා. ඔන්න ඔය අවස්ථාවේ වෙන සිද්දියක් තමයි මෙන්න මෙහෙම ලියල තියෙන්නේ.
ගැහැණු පිරිමි ඇතැමෙක්
තලතුනා වයසට පත්
නැටුම් බලා ප්‍රීතිවෙත්...
ගැනබලා සතයක් දෙකක්
ගෙන ටින් කබලට දමත්
පතා දෙව් මිනිස් සැප
කෙලවර මොක සැපත්...
ටින් පියන ගෙන අතකින්
හති දම දමා ආ කල
නිමා කොට තම නැටුම
ඒ දැරිය,
අනාගතයෙහි දිනෙක
අඳුරු මං වීදි වල සරන්නට වරම් ලද....
තැබී ඔහු සුදු මහත රුපියලේ කාසියක්
ඒ මතෙහි,
බලා ඇත්දැයි කිසිවෙකු
බලා වට පිට සැකයෙන්
බලා සිටියොත් කිසිවෙකු
උන් සිතන්නට පුළුවන
“රුපියලක්ම දුන් මේකා පිස්සෙක්මය”
රුපියලක්ම ලැබුණු හෙයින්
ඒ දැරිය ප්‍රීතියෙන් ඉපිලෙතැයි
විස්මපත් වනු ඇතැයි
සිතූමුත් ඔහු,
ගියා ඈ ඉවතට
ඊළඟ මගියා වෙතට
කිසිවක් නොදත් විලසට
නොසතුටක් පහලවිය ඔහු සිතෙහි
ඉන්පසුව ගැටළුවක් පහලවිය ඔහු සිතෙහි
ඇයි මා ඈගෙන් පැතුවේ
මන පිනවන ප්‍රතික්‍රියාවක් ?
දුන්නේ රුපියලක්ම මම
'මම' සතුටු කරන්නද ?
ඇය සතුටු කරන්නද ?
මම තවත් කිසිවක් කිව යුතුද? මා කීමට උත්සහ ගන්නා, මා ඔබට සිතීමට බලකරනා දෙය ඔබට දැනටම වැටහෙනවා නේද? මම ඔබට කියන්නට උත්සහ කරන්නේ කාලයකට පෙර ඔහුට වැටහුණ, එත් තවමත් ඔබටත් මටත් නොවැටහෙන යමක් තියෙනවා කියන දෙය විතරයි. මිරිඟුවක් ලුහුබඳිමින් කාර්යබහුල කරගත් අපි හුගක් අයගේ ජීවිත වලින් විනාඩි කිහිපයක් කැපකර හොදින් සිතන්න. ඔබ යමක කිසිවෙකුට දෙන්නේ ඔහු/ඇය සතුටු කිරීමටද? නැතිනම් 'ඔබ' සතුටු කිරීමටද? එහෙමත් නැතිනම් ඒ දෙය බලා සිටින්නන් පුදුම කරවීමටද?සිතීම ඔබට බාරයි.
ප.ලි.
මේ ලිපිය කිසි වැඩකට නැති නිකම්ම නිකන් ලිපියක් කියලා හිතෙනවා නම් ඒ ගැනත් ලියලා යන්න අමතක කරන්න එපා. මේ නිර්මාණය මමත් ගොඩක් හිතන්න පොලඹවපු නිර්මාණයක් නිසාත්, මේක අපි හැමෝටම පොදු සිතිවිල්ලක් කියලා විශ්වාස කරන නිසාත් මේ ලිපිය ලියන්න හිතුනා. කොහොම උනත් බලන හැමෝගෙම ප්‍රතිචාර මම ගොඩක් අගය කරනවා. :) මගේ ලඟ තියෙන පොතේ අපැහැදිලි තැන් ගොඩක් තිබුණු නිසා වචන වල පොඩි වෙනසක් තියෙනවා නම් සමාවෙන්න.