මේකෙ topic එක බලලා වැරදියට තෙරුම්ගන්න නම් එපා. ඇය කියල මම අදහස් කරල තියෙන්නෙ මගේ පාසල. මොකද අපි හැමදාම අපේ පාසලට කිව්වෙ විදු මාතාව කියලනෙ. ඒ නිසයි ඇය කියන වචනය පාවිච්චි කලේ. කොහොම උනත් මේ ලිපිය ලියන්න හිතුනේ පහුගිය දවස් වල අහපු දැකපු දෙවල් වලින් හිතට දුකක් දැනුණ නිසයි. පහුගිය සතියෙ අපිට නිවාඩුවක් ලැබුනා. කොටින්ම කියනවා නම් අපිට ගිය සතියෙ Reading Week. ඉතින් ගෙවල් පැත්තෙ යන්න හිතුනා. ගිහින් ඉන්නකොට පරණ ගුරුවරු ටික බලලා එන්න ඉස්කෝලෙ පැත්තෙ ගියා. :)))
ඉතිං ඔහොම ඉස්කෝලෙ යනකොට දැකපු දෙවල් ගැන තමයි මේ ලියන්නේ. අපේ ඉස්කෝලෙ හරියට වෙනස් වෙලා. හැමෝම දකින විදියට කියනවා නම් ගොඩක් දියුණු වෙලා කියන්න පුලුවන්. ඒත් ඒ දෙයට දියුණු වෙලා කියල කියන්න මම නම් දෙපාරක් හිතනවා. ඉස්සර ඉස්කෝලෙට ඇතුල්වෙන්න තිබ්බ ගුරුපාර දැන් කොන්ක්‍රීට් වෙලා. ඉස්කෝලෙ ඇතුලෙ පාරවල් වලටත් තාර දාලා. ඉස්කෝලෙ වටේටම තාප්පයක් දාලා. මේ දේවල නරකයි කියලා මම කියන්නෙ නැහැ. ඒත් ඒ එක්කම තව ගොඩක් දේවල් වෙනස් වෙලා. ඉස්සර තණකොල වැවිල කොල පාටට තිබ්බ සමහර තැන් දැන් වේලිලා ගිහින්. ගස් එහෙමත් අඩුවෙලා. මුලු ඉස්කෝලෙ පුරාම හරිම පාළු ගතියක් තමයි තිබ්බෙ. පන්තිකාමර වලත් දැන් ගාල තියෙන්නෙ වෙනස් පාටක්. කොටින්ම කියනවා නම් ඉස්කෝලෙ තිබ්බ සුන්දරත්වය දැන් නැහැ. ඒ කාලෙ මොන අඩුපාඩුකම් තිබුනත් ඉගෙනගන්න පුලුවන් හොඳ සුන්දර පරිසරයක් තිබුනා. ඒ කාලෙ යාලුවො එක්ක දාංගලේට නටපු නැටුම් මතක් වෙද්දි හරිම දුක හිතුනා. ළමයි උනත් ඒ වගේ ගතියක් පේන්න තිබුනෙ නැහැ.
මේ දේවල බැලූ බැල්මට වෙනස් වෙලා දකින්න පුලුවන් උනත් වැදගත්ම කතාව අහන්න ලැබුනේ මගේ පරණ ගුරුතුමියකගෙන්. ඇය කියපු විදියට නම් දැන් ඉස්කෝලෙ දෙකට බෙදිලා. නායකත්වයට හිතවාදී සහ විරුද්ධවාදි විදියට. අහන්න ලැබුණු විදියට අන්තෝ ජටා බහි ජටා තමයි. ඇතුලත් ගැට පිටත් ගැට. දුකම හිතෙන කතාව තමයි දේශපාලනය ඉස්කෝලෙ ඇතුලට රිංගලා කියන එක. ඕක තැනකට රිංගුවොත් වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ආරංචි විදියට නම් දේශපාලනයෙන් ඉස්කෝලෙ වටකරගෙනයි තියෙන්නෙ.
ඔන්න ඉතින් ඊට පස්සෙ එදාම හවස තිබ්බ ඉස්කෝලෙ මල්ලිලා කට්ටියකට වෙස් තියපු මංගල්‍යය නිමිත්තෙන් පවත්වන කල එලි දැක්ම කියන උත්සවය. මමත් තව යාලුවො ටිකක් එක්ක ගියා ඕක බලලා එන්න. හරි පුදුමයි. වෙනදා මේ වගේ වැඩකදි ප්‍රධාන අමුත්තා වෙන්නෙ රටේ පිලිගත් කලාකරුවෙක්. ඒත් මේ උත්සවයේ ප්‍රධාන අමුත්තා නම් දේශපලඥයෙක්. ඒ මදිවට ඉස්සර වගේ නෙමෙයි දැන් සභාව මෙහෙයවන්නේ ගුරුවරු. නැටුම් වලට සහය ගායනය නැටුම් ගුරුතුමිය. ළමයි හිටියෙ බලාගෙන ඉන්නයි. වෙලා තියෙන්නේ මොකක්ද කියන්න නම් මට හරියටම තේරෙන්නෙ නැහැ. ඒත් මොකක් හරි වෙලා තියෙනව කියන එක නම් පැහැදිලියි. මට නම් මේක එක වචනෙකින් කියන්න පුලුවන්. ඒත් ඒක කොයිතරම් සාධාරණද කියන්න මම දන්නෙ නැහැ. මම නම් මේකට කියන්නෙ දේශපාලනීකරණය කියලයි. ඒත් මගේ විදුමාතාව කලින් වගේම සුන්දර පාසලක් වෙනවා නම් මම ගොඩක් කැමතියි. ඒත් අර මම මුලින්ම කිව්ව වගේ "සියල්ල සේ ඇයත් විකිණී ඇත".

අදයි දැක්කේ මචෝ බ්ලොග් එක. ඇත්තටම ගොඩක් සතුටු හිතුන අපේ එකෙක්ගේ වැඩක් දැක්කම. මට මේ කොමෙන්ට් එක දාන වෙලාවේ උබගේ බ්ලොග් එක කියවන්න වෙලාවක් නම් නැහැ. නමුත් අනිවා මම මේක කියවල comments දානවා. මගේ වෝල් එකේ මේක මම share කරනවා මචෝ අපේ කොල්ලෙක්ගේ වැඩක් ගැන මගේ අලුත් යාළුවොන්ටත් පෙන්නන්න. දිගටම මේක continue කරපන්. උබට ජයෙන් ජය !!!
ReplyDeleteමීට
චම්ලි
ගොඩක් ස්තුතියි මචං...
Deleteඅදමයි මේ පැත්තේ ආවේ. සුබ පැතුම් යාළුවා. දිගටම ලියමු...ජය...!
ReplyDeleteගොඩක් ස්තුතියි යාළුවා. :-)
ReplyDeleteසමනළ රෑනක් සේ ඉගිලී අකුරට ගිය පාසල් කාලේ
ReplyDeleteඅයෙත් එනවානම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ ...............
පාසල් මවු තුරුලට වීලා අයනු ආයනු ගලපාලා
නොදනිම අවුරුදු 12 ක් ගෙවිලා නිමා උනා පාසල් කාලේ ........................!
මචං ඉස්කෝලේ කාලේ තිබ්බ ලස්සන දැන් තමයි තේරෙන්නේ. දැන් බන් ඉස්කෝලේ පේන්නෙත් නැහැ අර ගහල තියෙන තාප්ප නිසා. කාලෙත් එක්ක හැමදේම වෙනස් වෙනවා. කරන්න දෙයක් නැහැ, ඉස්සරහට තව ගොඩක් වෙනස්කම් වෙයි. අපිට ඒ කාලේ මතකේ ඉතුරු වෙලා තියෙනවනේ මොන දේ වෙනස් උනත්. හැබැයි ඉස්කෝලෙට දේශපාලනේ රිංගන එකට මාත් අකමැතියි, අකමැත්තෙන් උනත් ඉස්කෝලෙට ඒ දේ වෙලා තියෙන බව පිලිගන්නවා මමත්....................