මේ ලිපිය ලියන්නේ මගේ තවත් එක් හිත ගිය තැනක් ගැනයි. මීමන ප්‍රේමතිලක කියන්නේ කොළඹ යුගයෙ සිටි හොඳම කවියන්ගෙන් කෙනෙක්. නමුත් මොහු තුල අනික් කවියන්ගේ නොදුටු විශේෂත්වයක් පවතිනවා. ඒ මොකක්ද කියන්න නම් මට හරියටම තේරුමක් නැහැ. ඒත් ඔහුගේ කවියක් කියවූ විට හිතට දැනෙන සිතුවිලි හරිම වෙනස්. ඇත්තෙන්න්ම හරි සුන්දරයි. කෙටියෙන් කියනවා නම් මීමන ප්‍රේමතිලක කියන්නේ කවිත්වය තම රුධිරයට මිශ්‍ර උනු කවියෙක්. පහල තිබෙන්නේ ඔහුගේ ඡායාරූපයක්.
මොහු අතින් රචිත පොත් අතරින් නිල් දියේ නලඟන, අශෝකමාලා, නොනැසෙන සුන්දරී, ජීවන ගංගා, කුමුදුමතී, පාළුගම, සොහොන් බිම වගේ පොත් ඉතාම හදවතට සමීප කරගන්න පුලුවන් පොත්. මමත් මේ හැම පොතම කියවලා නම් නැහැ. මේ පොත් වලත් සමහර කවි පන්ති විතරයි මම කියවලා තියෙන්නේ. හරිම සුන්දරයි.
මොහුගේ පුතුන් තිදෙනා අතරින් එක් පුතෙකු හදිස්සියෙ ජීවිතයෙන් සමුගන්නවා. ඔහු ඔහුට දැනුන හැඟීම මුදා හරින්නේ "මියගිය දරුවෙක්" නිර්මාණයෙන්. පහත තියෙන්නේ ඒ නිර්මාණයෙන් උපුටාගත්තු කවියක්.

බුදුන් – දහම් - සඟුන් ළඟින් රැකු නිරන්තරින්
පියම්බිකාවගෙයි මගෙයි දයා බැලුම් ලැබූ
සුනිල් - සරත් - සමන් කියා රුවන් තුනක් තිබේ
එයින් එකක් ගියා අහෝ කොහේ ද ඒ ගියේ
පියම්බිකාවගෙයි මගෙයි දයා බැලුම් ලැබූ
සුනිල් - සරත් - සමන් කියා රුවන් තුනක් තිබේ
එයින් එකක් ගියා අහෝ කොහේ ද ඒ ගියේ
ඒ වගේම ඔහු අතින් රචිත "ගඟ සහ අතු ගංගා" කියන නිර්මාණයේ එන කවියක් තමයි පහත තියෙන්නේ.
මා එන ගමනෙ දියවැල්වල වෙලුනු බසුත්
ඒ බස්වලින් හඬ නැංවුණු කිකිණි රසුත්
එහෙමම තිබෙද්දී නැතිවත් කිසිම ඔසුත්
අතුගං ගලයි මා මුහුදට වැටුණු පසුත්
මේ කවියා ඉහත කවියෙදි පද අවසන් කරලා තියෙන්නේ 'ත්' අකුරින්. සාමාන්‍යයෙන් එම අකුරෙන් අවසන් වෙන කවි ඉතා දුලබයි කියලයි කියන්නේ. ඇත්තෙන්ම මේ කවියා මගේ හිත ගත්ත ප්‍රධානම හේතුව තමයි ඔහුගේ අතින් ලියවුන අන්තිම කවිය. මේ කවිය ලියපු කොලයත් අතේ තියාගෙනම ඔහු මියගියා කියලයි මම අහලා තියෙන්නේ. බලන්න මිය යන මොහෙතේ මේ වගේ කවියක් ලියන්න මේ කවියා කොයිතරම් දක්ෂ කවියෙක්ද කියලා.
රුදුරු මරුවා ඇවිත් මගේ ඇඳ ලඟ ගාටත්
ජීවිතයම අවිස්වාසයි අද රෑටත්
දැන්විය යුතුය සොඳුරියෙ මළගම කාටත්
මගෙ සොහොයුරාටත් දරුවන් තිදෙනාටත්

ප්‍රතිචාර ගණන
ගොඩක් ස්තූතියි මේ තොරතුරු බෙදාගන්නවාට..මීමන ප්‍රෙමතිලක දක්ෂ කවියෙක්..මමත් ගොඩක් අගය කරන කෙනෙක්..ඔහුගේ පුත් සුනිල් මාදවත් මම ඉතා ප්‍රිය කරන ලේඛකයෙක්..
ReplyDeletereply දානවට ගොඩක් ස්තුතියි. ඒක ලොකු ඇගයීමක් මට. :)
Deleteසුන්දර මතකයන් අවදිකලාට ගොඩාක් ස්තුති
ReplyDelete